බොරු කකුලේ මත්කුඩු සැඟවු හමුදා සෙබලෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුද හමුදා ආබාධිත සෙබලෙක් බොරු කකුලේ රුපියල් ලක්ෂයකට අධික මත්කුඩු සඟවා ගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී හොරණ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.