බොරු ඔත්තුවකට දින දෙකක සෝදිසියක්


ගෑස් රැගෙන ආ විදේශ නැවක් පොලිසිය හා ආයතන හයක් එක්ව දින දෙකක් පුරා කොළඹ වරායේදී දැඩි සෝදියට ලක් කළ බව පොලිසිය කියයි.

එම නැවේ කුඩු කිලෝ 130ක් ඇතැයි ඔත්තුවක් ලැබී තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රේගුව, වෙරළාරක්ෂක බළකාය, නාවික හමුදාව හා පොලිස් නාවික කොට්ඨාසය යන ආයතනවලට අයත් සිය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග පොලිස් සුනඛයන් යොදා ගනිමින් සෝදිසි කළද සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.