(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
තරුණියක් මගින් දුන් ඇමතුමකින් පාළු ස්ථානයකට ගෙන්වා ගත් වෛදවරයකු බිය ගන්වා ඔහු සතු පවුම් පහමාරක් බරැති රන් ආභරණ කොල්ල කෑ කල්ලියක තිදෙනෙකු කොල්ල කෑ රන් ආභරණ සමඟ ඊයේ (15)අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
මෙම රන් ආභරණ රුපියල් තුන් ලක්ෂ තිස්හය දහස් පන්සියයක් වටිනා බවත් කියයි.
බංගදෙණිය කුසලෙයි ප‍්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන වෛද්‍යවරයකු විසින් ඉකුත් අප්‍රේල් 4 වැනි දා හලාවත පොලිසියට කර තිබු පැමිණිල්ලක් අනුව ඔහු මෙම අතවරයට මුහුණ දි තිබුණි.
එදින කිසියමි තමන් දන්නා හඳුනන බව කී තරුණියක් ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඔහුව දන්නා බවත් අවශ්‍යතාවක් පිණිස හලාවත ලංකා බැංකු ශාඛාව අසලට පැමිණ තමන් හමුවන ලෙසට දන්වා තිබු බවත් ඒ අනුව තමා එහි ගිය විට යළිත් එම තැනැත්තිය යළි ඇමතුමක් දෙමින් තමා මල්වත්ත ප‍්‍රදේශයේ නිවසක ඉන්නා බව දන්වා එහි එන ලෙස ඇමතුමක් ලබාදි ඇති බවත් එම වෛද්‍යවරයා පොලිසියට දන්වා තිබුණි.