(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බොරැල්ල කනත්ත වටරවුමේදී දොඹකර රථයක් යතුරුපැදී පහක සහ මෝටර් රථයක ගැටීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
තුවාල ලද පිරිස කොළඹ ජාතික රෝල වෙත ඇතුළත් කර ඇත.
මෙම අනතුරත් සමගම එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද හටගත් බව පොලිසියය කියයි. දොඹකරයේ තිරිංග අක්‍රිය වීමෙන් එම අනතුර සිදුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.