බොරැල්ල ආයුර්වේදයෙන් හය දක්වා බේත්


බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ බාහිර  රෝගි  අංශය උදේ  8 සිට සවස 6 දක්වා  විවෘත කර  බව එම රෝහලේ  අධ්‍යක්ෂක  ජ්‍යෙෂ්ඨ  විශේෂ ශල්‍ය  වෛද්‍ය  ඩි.එම්.තෙන්නකෝන්  මහතා  පැවසීය. මීට  ඉහතකදි  බාහිර  රෝගි  අංශය  විවෘතව තැබුණේ  සවස හතර  දක්වා  පමණි.

බාහිර   ප්‍රතිකාර  අංශයෙන්  රෝගීන්  අටසීයක් පමණ දිනපතා  ප්‍රතිකාර  ලබා  ගනිති.

නේවාසික ප්‍රතිකාර  ලබන රෝගින්  වෙනුවෙන්  2007 ආරම්භ කරන ලද මහල්  අටකින්  යුතු , ඇඳන්  පන්සියකින් හෙබි,  වාට්ටු සංකිර්ණයේ  ඉදිකිරිම්  මෑතකදී  ඇනහිටි නමුත් සෞඛ්‍ය ඇමැති  දොස්තර  රාජිත සේනාරත්න මහතාගේ  මැදිහත්වීමෙන්  ඉදිකිරිම්  නැවත ඇරැඹී  ඇත.