බොන්න වතුර ඉල්ලා ගම් පහක් පාරේ


හම්බන්තොට බදගිරිය  ගම්මාන පහක  පවුල් 1600 ක ජනතාවට  පිරිසිදු පානිය ජලය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් ගොන්නොරුව සමූපකාර හන්දියේ දී අද (25) පැවැත්විණි. බදගිරිය වැවෙන් ජලය ලබා ගෙන ග්‍රාමීය ජල යෝජනා ක්‍රමයක් යටතේ ලබා දෙන ජලය පානය කිරීමෙන් ප්‍රදේශයේ ජනතාව දැනටමත් විවිධ රෝගී තත්ත්වයට පත්ව ඇති බව ජනතාව පවසති. හම්බන්තොට පොලීසයද එම ස්ථානයට පැමිණ ජනතාවට මාර්ගයෙන් ඉවත්වන ලෙස කියා සිටියත් ප්‍රශ්නයට  විසඳුම් ලබා දෙන තෙක් ඔවුහු උද්ඝෝෂණය කරන බව කියති.

DSC01294[1] DSC01296[1] DSC01301[1] DSC01309[1] DSC01310[1]