බොදුබලේ හිමිවරු හයකට නඩු


මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජාතික බළ සේනාවේ වටරැක විජිත හිමියන් සඟවා ගත් බව කියමින් 2014 අප්‍රේල් මාසයේ කොල්ලුපිටියේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවීයැයි කියන බොදුබල සේනාවේ හිමිවරුන් හය දෙනකුට එරෙහි ජූලි 09 වැනි දා චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (04) පොලිසියට නියෝග කළේය.