බොදුබල ලේකම් හිමිට උසාවියෙන් අවවාද


ඕනෑම සේවා දායකයකු වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය නීතීඥවරුන්ට ඇතැයි ද, ඔවුන් ද අධිකරණ නිලධාරීන් ලෙස සලකන බැවින් ඔවුන්ට බැන තර්ජනය කිරීමෙන් වළකින්නැයි ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට අවවාද කළේය.

අප්‍රේල් 09 වැනි දා කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ පැවැති ජාතික බල සේනාවේ මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සභාපති වටරැක විජිත හිමියනට තර්ජනය කළැයි කියන පැමිණිල්ල හා කොම්පඤ්ඤවීදිය පොලිසිය අසළ දී කුරාණයට අපහාස වන ප්‍රකාශ නිකු කළැයි කියන පැමිණිල්ල අද අධිකරණයේ දී කැඳවිණි.

කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයට දැන්වූයේ ඥානසාර හිමිගේ ප්‍රකාශයෙන් කුරාණයට අපහාස වීදැයි තහවුරු කැ ගැනීම සඳහා එම ප්‍රකාශය ඇතුළත් සංයුක්ත තැටිය ඉස්ලාම් ආගමික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්ට යොමු කළ බවයි.

පැමිණිල්ලේ විභාගය සැප්තැම්බර පළමු වැනි දාට කල් තැබිණි.