බොදු බළ සේනාව විල්පත්තුවේ


විල්පත්තුව උතුරු මායිමේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියේ ද  විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද බලෙන් ඉඩම් අල්ලා කෑලෑ කපා සිදු කැර ඇති මහා විනාශය බැලීමට බොදු බළ සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු සංඝරත්නය අඟහරුවාදා (08) එහි වැඩම කළහ.

මුසලි ප්‍රාදේශිය ලේකම් කේදීෂ්වරන් මහතා  නියෝජිතයන් හමුවේ කියා සිටියේ රජයේ අනුමැතියෙන් සියලු දේ සිදු කරන බවයි.

නිවාස සෑදීමට  රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලැබෙන බවත් ඔහු කීවේය.

වන සංරක්ෂණ භූමීයේ අනවසරයෙන් ඇල්ලු දස දෙනකුට දැනට නඩු පවරා ඇත.එහෙත් තවත් දහස් ගණනක්  විල්පත්තු රක්ෂිතයේත් විල්පත්තුවේත් අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන ඇතැතත් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

සිලාවතුර පොලීසිය නාවික හමුදාව ද ආරක්ෂාව සඳහා  එහි ගොස් සිටියේය.

විටෙක උණුසුම් තත්ත්වයක් ඇති වුවත් කලබලයක් ඇති වුයේ නැත.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පැවසුයේ  සතුන් සිටිය යුතු බිම සතුන්ට මිස මිනිසුනට අයිති නැති බවයි.

එහෙත්  නිලධරයන් හා අනවසර පදිංචිකරුවන් කී බොහෝ දේ ඔප්පුකිරීම සඳහා ඔවුන් සතුව පිළිගත හැකි  සාක්කි නොතිබු බව එහි වු කතා බහෙන් පැහැදිලි විය.