බොදු බල ලේකම්ට තව පැමිණිල්ලක්


කොළඹ නිපෝන් හෝටලයේ දී ඇති වූ සිද්ධියක් ගැන වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව බොදුබල සේනා මහ ලේකම් ගලබඩඅත්තේ ඤාණසාර හිමියන්   මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් ගැන විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  අජිත් රෝහණ මහතා පවසයි.

කොම්පඤ්ඤවීදිය වොක්ෂෝල් වීදියේ වැසියකු විසින් කරන ලද පැමිණිල්ල සනාථ කරමින් තවත් පුද්ගලයන් 11 දෙනකු ලිඛිත ප්‍රකාශ ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය කියයි.