
(සුජිත් හේවාජුලිගේ )
රෝබෝ තාක්ෂණය සහ 5 ජී තාක්ෂණය යොදාගෙන කොළඹ බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක් ඊයේ ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
පරිසර අමාත්‍යාංශය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ඩයලොග් සමාගම එක්ව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේදී ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රයක් දිවා රාත්‍රී පැය නවයක් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීම කරන්නේය. ජලය මත පාවෙන අපද්‍රව්‍ය කිලෝ පනහක් පමණ මේ කාලයේදී ඉවත් කළ හැකි බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

