බේරේ වැව දෙපස පැල්පත් ඉවත් කිරීම නොවැම්බර් මුල සිට


(විනීතා එම් ගමගේ)

ගාලූමුවදොර සිට ඩී. ආර්. විජයවර්ධන මාවත තෙක් ඇති සියලූ පැල්පත් කඩා ඉවත් කිරීම නොවැම්බර් 7 වැනිදා ආරම්භ කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.

බේරේ වැව වටා අලංකාර ලෙස සකස් කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා මේ අනුව ඉවත් කරන සියලූ දෙනාට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ගෙවල් ලබාදෙන බව ද කීය.

එමෙන්ම කොල්ලූපිටිය සිට දෙහිවල දක්වා වෙරළ තීරය සංවර්ධනය කරන බව ද කී ඔහු වරාය නගරයට පහළින් සංචාරක ආකර්ෂණය ඇති කෙරෙන මැරීනා නගරයක් ඉදිකෙරෙන බවත් මේ  කටයුතු සඳහා ශක්‍යතා අධ්‍යයන සිදුකරමින් සිටින බවත් කීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍යවේදීන් සමග අද(25) පෙරවරුවේ වරාය නගරයේ කළ සංචාරයක දීය.