බේරූට් අගනුවර නැවත ගින්නක්


ලෙබනනයේ බේරූට් වරායේ අද (10) පස්වරුවේ ගින්නක් ඇති වී තිබේ. එම ගින්න ඇති වී ඇත්තේ මීට මාසයකට පෙර බේරූට් අගනුවර පිහිටි එරට ප්‍රධාන වාරයේ පිපිරීම සිදු වූ ස්ථානයේම යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට මාසයකට පෙර ලෙබනනයේ බේරූට් වරායේ සිදු වූ එම මහ පිපිරීමෙන් 5,000කට වැඩි පිරිසක් පිරිසක් තුවාල ලැබූ අතර 200කට ආසන්න පිරිසකට ජීවිත අහිමි විය.

බේරූට් වරායේ සිදු වූ එම දැවන්ත පිපිරීමෙන් අගනුවර විශාල ප්‍රදේශයක් විනාශ විය. එම පිපිරූම සිදු වූ ස්ථානයෙන් ඊයේ පස්වරු වනවිට විශාල දුම් වළා නැගෙමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්න එක් කොටසකට සීමා වී ඇති බව වරාය නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

බේරූට් වරායේ ඇති වූ ගින්න හේතුවෙන් ලෙබනනය දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. මෙම ගින්නත් සමඟ එම අර්බුදය උග්‍ර වනු ඇතැයි පැවසේ.

ලෙබනනය 1975 වසරේ සිට 1990 වසර දක්වා සිවිල් යුද්ධයකට මුහුණ දුන්නේ ය. ලෙබනනය එම කාලයේදීද දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර මෙවර ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ඊට වඩා දරුණු යැයි පැවසේ.

රොයිටර්

055