(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල ප්‍රදීපාගාරය පිහිටි දූපතෙහි විනෝදවීම සඳහා පැමිණි පිරිසකගෙන් එකම පවුලේ සහෝදරියත්, සහෝදරයත් දියේ ගිලී මියගොස් ඇතැයි බේරුවල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුමාර දොරටුව පදිංචිව සිටි මොහොමඩ් මුජානිඩ් (27) හා හුස්නා ෂාමික් (24) යන දෙදෙනායි.
බේරුවල ප්‍රදීපාගාර දූපතෙහි ගලක් උඩට වී මේ දෙදෙනා සහ තවත් දෙදෙනෙකු සිරි නරඹමින් සිටියදී එකවරම ආ විශාල රළ පහරකට ඔවුන් සිව් දෙනාම මුහුදට වැටී තිබේ. දෙදෙනකු දිවි ගලවා ගත්තද, එකම පවුලේ සහෝදරයා මුහුදට ගසා යමින් සිටි සිය සොහොයුරිය බේරාගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාම දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය කියයි.
බේරුවල පොලීසිය මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ මෙහෙයවයි.