බේරුවල ධීවර වරාය හෙට අනිද්දා වහයි


(තුසිත කුමාර ද සිල්වා)


බේරුවල ධීවර වරායේ සියලු සේවා කටයුතු වෙසක් පොහොය නිමිත්තෙන් හෙට (07 ) සහ 08 දෙදින තුළ ක්‍රියාත්මක නොවන අතර වරාය පරිශ්‍රය මෙම දින දෙක තුළ සම්පූර්ණයෙන්ම වසා තබන බව බේරුවල ධීවර වරාය කලමනාකාරය එඩ්වඩ් දයාමාල් මහතා අද (06) පස්වරුවේ පැවසීය .

ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පැවති කාලය මුළුල්ලේ වරාය පරිශ්‍රයේ සියලු සේවා කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර සිදුකළ බවත් මත්ස්‍ය වෙලදාම තොග වෙළෙඳුන්ට පමණක් සීමා කර තැබූ බවත් පැවසීය.

මේ අතර 7දා වරාය පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විශේෂ කාර්ය බලකාය මගින් විෂබීජයට ලක් කිරීම සිදු කරන බවත් කළමනාකාරවරයා පැවසීය.