
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
විදේශීය රටක නිෂ්පාදිත සෙන්ටිමීටර් 10 ක් තරම් ඉතා කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව වීරගුල පොලිසිය කියයි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරගුල පොලිස් බල ප්‍රදේශයේ පිළංකඩ ග්‍රාම සේවා වසමේ පදිංචි 41 හැවිරිදි එක්දරු පියකි .
සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් අපරාධයක් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුට එරෙහිව අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බව හෙළි වී යයි ද පොලිසිය සඳහන් කරයි .
බෙබි ෆිස්ටල් නමින් හඳුන්වන මෙම කුඩා ගිනි අවිය මනා ක්‍රියාකාරීත්වයේ ඇති බවද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත .

