(රංජන් කස්තුරි)
තිරිගු පිටි මිල ඉහළ යාමට සාපේක්ෂව පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිලද ඉදිරියේදී ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් හෙට (17) තීන්දුවක් ගන්නා බවද එම සංගමය සඳහන් කරයි.
මේ අතර පාන් ගෙඩියක මිල රුපියල් පහකින් පමණ ඉහළ යනු ඇතැයිද එම සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

