(රංජිත් රාජපක්ෂ)
හොරණ සිට නාවලපිටිය හරහා ගිනිගත්හේන දක්වා බේකරි නිෂ්පාදන බෙදා හරින ලොරි රථයක් හරස් කර එහි තිබු රුපියල් 619600ක් පැහැරගෙන ඇති බව නාවලපිටිය පොලිසිය කියයි.
අද (4) උදැසන 4.30 ට පමණ මෙම මංකොල්ලය සිදුවි ඇත්තේ නාවලපිටිය ගිනිගත්හේන ප‍්‍රධාන මාර්ගයේ ජේතවනාරාම මංසන්ධියේදි නවීන වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකු නතර කර තිබු ලොරි රථය හරස් කර ලොරි රථයට යකඩ බට වලින් පහරදි ලොරි රථයේ ඉදිරි පස තිබු මුදල් පැහැර ගෙන නාවලපිටිය දෙසට පළා ගොස් ඇති බවයි සිද්ධීය පිළිබද පරික්‍ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පවසයි.
මුදල් පැහැර ගන්නා අවස්ථාවේ එම ලොරි රථයේ ස්ථාන කිහිපයක තවත් රුපියල් ලක්‍ෂ දහයක පමණ මුදලක් සගවා තිබු බව ද පොලිසියට වාර්තා වී ඇති අතර අදාළ පහරදීමේදී ලොරි රථයේ රියදුරුට තුවාල සිදුවී ඇත.



