බේකරි නිෂ්පාදන මිල එලෙසම


මහින්ද නිශ්ශංක

බනිස්, මාලුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකිරිමට සංගමය තීරණය කළ බවද සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් වැඩි කිරිම හේතුවෙන් පාන් මිල වැඩි කළ බවද ඒ අනුව ග්‍රෑම් 450 ප්‍රමාණයේ පාන් ගෙඩියක නව මිල රුපියල් 65 දක්වා ඉහළ යන බවද ඒ මහතා කීය.

ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රී සිට ග්‍රෑම් 450 ප්‍රමාණයේ පාන් රාත්තලක මිල පමණක් රුපියල් 5 කින් වැඩි වන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.