
(සුජිත් හේවාජුලිගේ)
ඖෂධ වැඩිමිලට අලෙවි කිරීම වැළැක්වීම සඳහා මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.
එම වැඩ පිළිවෙළ හරහා හොඳම ඖෂධ සාධාරණ මිලකට ලබා ගැනීම අවස්ථාව මෙරට ජනතාවට හිමිකර දෙන බවද ඔහු සඳහන් කළේය.
මිල පාලනය යාන්ත්‍රණයේ සුළු වැඩ කටයුතු කිහිපයක් සකස් කළ යුතුව තිබෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන් පසු අලෙවිසල්වලට හිතු හිතූ පරිදි ඖෂධ විකිණීමට නොහැකි වනු ඇති බවද ප්‍රකාශ කළේය.
එසේම රෝහල්වල නැති බෙහෙත් පිටින් ගන්න අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි ද හෙතෙම පැවසීය.

