
(යොහාන් භාසුර,ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
බෙලිඅත්තේදී පෙරේදා (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර නිලධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් කළ විමර්ශනයේ දී මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇතැයි කියන සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙක් සහ අපරාධය සදහා පැමිණි අංක 65-2615 දරණ මිටිසුබිෂී පෙජරෝ ජීප් රථය ද පොලිසිය අත්අඩංගුවට ගත් බව එම අමාත්‍යංශය කීය.
මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට අපරාධය සැලැසුම් කර ඇති බවට වැඩි දුරටත් අනාවරණයවී ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.



