හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමි කරගෙන ඇත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර මැතිවරණවලදී තරග කළේ බෙලිඅත්ත ආසනයෙනි.
බෙලිඅත්ත ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31389කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 21165 ක්ද ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 5399 ක්ද ලබාගෙන තිබේ.
2015 මහ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා බෙලිඅත්ත ආසනයේ ඡන්ද 21,912ක් ලබාගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 39,513ක් ලබා ගියවර බෙලිඅත්ත ආසනය ජයගත්තේය.

