බෙලිඅත්ත රෝහලේ විකිරණ ඒකකය වසර කිහිපයක සිට වසා දමා ඇතැයි රෝගිහු කියති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර යටතේ 2010 නොවැම්බර් 20 වැනි දා මෙම ඒකකය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් විවෘත කැරිණි. වසරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වු මෙම ඒකකය වැසු දිනයවත් රෝහල් බලධරයෝ නොදනිති. විකිරණ ශිල්පියා ද වෙනත් රෝහලකට මාරුවක් ලබා ගොස් සිටි. දැන් මෙම උපකරණ අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගත හැකි දැයි සේවකයෝ අසති.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/116.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/212.jpg)
