බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂ නායක වෙඩි වැදී රෝහලේ


(අනීෂා මානගේ)
 
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙ විපක්ෂනායකවරයා අද(20) උදෑසන වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
 
මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කපිල අමරකෝන් (44) නම් තිදරු පියෙකි. 
 
අද පෙරවරු 6.15ත් 7ත් අතර කාලයේදී විපක්ෂනායකවරයාට වෙඩි වැදී නිවෙසෙහි කාමරයක් තුල සිටියදී ඔහුගේ මව දැක රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. 
 
බෙලිඅත්ත  පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.