(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) බෙලිඅත්ත පොලිසිය වෙත බාරවීමෙන් පසු අද(22) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඉකුත් 18 වැනි දින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන සරත් ලෝගුරුගේ මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.

