බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති


(එච්.එම් ධර්මපාල)

බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (03) අපවත් වූහ

ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.

ඒහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයතු කරමින් සිටියහ.

විමලරතන නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ පුවත සැලවීමත් සමග මහා සංඝරත්නය ද දේශපාලන නායකයෝද සිවිල් ක්‍රියාකාරීහූ ද එම විහාරස්ථානයට පැමිණියහ.

ජාතියට අත්‍යවශ්‍යම අවස්ථාවක උන්වහන්සේගේ අපවත්වීම දැඩි පාඩුවක් යැයි එම විහාරස්ථානයට පැමිණ සිටි ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කීහ.

විමලරතන නාහිමියන්ගේ ආදාහනය පිළිබඳ විස්තර පසුව දැනුම්දෙන බව එම විහාරස්ථානයේ ආරංචිමාර්ග කියයි.