බෙරහඬ මැද්දෙන් අකුරු කරන්න යති


දිවයින පුරා බොහෝ පාසල්හි 2012 පළමු වැනි ශ්‍රේණියේ  සිසුහු  අද සිය අධ්‍යාපන ගමන ඇරැඹූහ. මතුගම සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ  දී ප්‍රධාන උත්සවය පැවැත්විණි.  වළල්ලාවට ලිහිණියාව කණිටු විදුහලේ සිසුහු පෙරහරින් කැඳවාගෙන අවුත් මල්දම් පළඳවා පිළිගනු ලැබූහ.