බෙන්තොට සමූපකාරය ජාජබ දිනා ගනී


(එම්.සුසිල් පියන්ත)

බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම  පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ. 

එක් අධ්‍යක්ෂ තනතුරක් පමණක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට හිමිවිය.

බෙන්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම සඳහා දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් බෙන්තොට සමුපකාර ප්‍රධාන කාර්යාලයේදී මෙම නිලවරණය පැවැත්විණි .

බෙන්තොට විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සභාපති රංජිත් මහවිතාන මහතා නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම  පරාජයට පත් වූහ

එහිදී පත්වූ අධ්‍යක්ෂවරුන් හත්දෙනාගෙන් බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය කණ්ඩායමෙන් ජය ලබා ගත් කළ චන්දික කිෂාන්ත මහතාත්, එහි උපසභාපතිවරයා ලෙස ජාතික ජන බලවේග කණ්ඩායමේ යොහාන් කාලිංග මහතාත් පත්වූහ.