ශ්‍රී ල නි ප සංවිධායිකා ගීතා කුමාරසිංහ බෙන්තර ඇල්පිටිය සංවිධායක කමින් ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රාදේශිය දේශපාලනඥයෝ පස් දෙනෙක් ඇල්පිටිය නගරයේ ලොරි තට්ටුවකට නැගී උද්ඝෝෂණයක් ඇරැඹුහ.
දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න ,ප්‍රාදේශිය සභා මන්ත්‍රී සරත් අල්විස් ,ඒ ජී සාගර තිලකසිරි,නලින් ප්‍රියදර්ශන, කේ ඩී ඩී සුමිත් (ස්වාධීන් මන්ත්‍රී) යන් මන්ත්‍රීවරු උද්ඝෝෂණයේ ඇරැඹුහ.
එතැනට පැමිණී නැවත පදිංචිකිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබදව ජනපතිතුමන්ට දැනුම් දෙනතුරු එය නවතා දමන ලෙසයි.
ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුයේ තමා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බැවින් එහිදී ඔවුන් පරාද වේ යැයි බියෙන් තමන් ඉවත් කැර ගැනිමට කැස කවන බවයි.