
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව තිබූ ලිපි තොගයක් පිංවත්ත මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබීයදී පිංවත්ත පොලීසිය විසින් සොයාගන්නා ලදී.
ස්වර්ණාභරණ උකස් කිරීම , විභාග හා බැංකු විස්තර පිළිබඳ දැනුම්දීමේ ලිපි විවිධ බිල්පත් සහ පෞද්ගලික ලිපි ඇතුළු ලිපි 99 ක් මෙහිදී පොලීසිය සොයා ගෙන ඇත.
අපානදුර තැපැල් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු පොලිසියට කැඳවා තිබූ අතර, එම ලිපි එහි අයිතිකරුවන්ට ලිපි ඉක්මනින් බෙදාදීමටත්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.

