බෙංගාල බොක්කට ළඟ රටවල් ගිවිසුමක


(අංජුල මහික වීරරත්න)

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා එකමුතුවෙහි වන (BIMSTEC) සාමාජික රටවල් අතර සමුද්‍රිය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අත්සන්  කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව (BIMSTEC) විසින් සිය සාමාජික රටවල් අතර සමුද්‍රිය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීමට තීරණය කරනු ලැබ ඇත.

ඒ සඳහා වන සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව වන යෝජනාව 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, එකී යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම පිණිස නිලධාරී කමිටුවක් පත් කෙරිණි.

ජනාධිපති විසින් ඉදිරිපත් කරන ලද එකී නිලධාරී කමිටු වාර්තාවේ සඳහන් නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින් සකස් කරනු ලබන සමුද්‍රීය ප්‍රවාහන සහයෝගීතාව සම්බන්ධයෙන් වන ගිවිසුම අත්සන් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දුන්නේය.