බෙංගමු හිමි නව ශ්‍රී පාදස්ථානාධිපති


ශ්‍රී පාදයේ නව ස්ථානාධිපති ලෙස පැල්මඩුල්ලේ රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ වැඩි ඡන්ද 38 කින් අද තේරීපත්වූහ. ඒ හිමියනට ඡන්ද 165ක්ද ශ්‍රී පාදස්ථානයේ භාරකරු දම්පහල ශීලානන්ද හිමියනට ඡන්ද 127ක් ලැබිණි. ඡන්දය හිමි භික්ෂුන් තුන්සිය හත් නමකින් දෙසිය අනූ දෙනමක් ඡන්දය දුන්හ. හිමිවරුන් පස් නමක් ඡන්දයට ඉදිරිපත්වූ නමුත් තුන් නමක් අවසන් මොහොතේදී ඉල්ලා අස්වූහ.