
(ඩී.ජී. සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේ අද අලුයම දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදි විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබි ජංගම දුර කතන පහක්, චාජර්,ඩේටා කේබල් සිම් කාඩ්පතක් ඇතුලු උපාංග රැසක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.
බන්ධනාගාර උපක්‍රමික බළකාය,බන්ධනාගාර මෙහෙයුම් හා බුද්ධි අංශයේ නිලධාරින් හැත්තෑවක පමණ පිරිසක් සිර මැදිරි 46ක් පූර්ණ පරික්ෂාවකට ලක්කර මෙම දුර කතන සොයාගෙන ඇත.
මෙම දුර කතන සොයාගෙන ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරිවලින් බවද අනාවරණයවේ.

