බූස්ස කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කළ තුන්වන කණ්ඩායම පිටව යයි


(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බූස්ස කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වී සිටි පිරිසෙන් 11 දෙනෙක් අද (06) දින පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසීය.

ඒ අනුව මේ වන විට තවත් 57 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු වල යෙදී සිටින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නිරෝධානය අවසන් කර පිටව ගිය තුන්වන කණ්ඩායම මෙය බවත් මීට පෙර නිරෝධායනය අවසන් කර පිටව ගිය පිරිස අතර ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙක් සහ එක් ජපන් ජාතික කාන්තාවක් ද වූ බවත් මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරිය බණ්ඩාර මහතා කීය.