(චන්දන ප්‍රනාන්දු )
සිරිගම්පල හා උල්හිටියාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදි හොර රහසේ පවත්වාගෙන ගිය මුදලට බූරු ගැසිමේ ස්ථාන 3ක් වටලා රුපියල් ලක්ෂයක පමණ මුදල් සමග සැකපිට 29 දෙනෙක් අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දන්කොටුව, වෙන්නප්පුව, ලුණුවිල, දෙමටපිටිය, කොස්වත්ත, දුම්මලදෙණිය, සිරිගම්පළ වැනි ප්‍රදේශවලින් බූරුව ගැසිමට පැමිණි පුද්ගලයන් පිරිසකි.
මෙම බූරු පොළවල් පවත්වාගෙන යාමට ඉඩ පහසුකම් සැලසු නිවෙස් හිමියන්වද අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

