බන්දු තඹවිට සහ බිමල් ශ්‍යාමන්
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කෝන්ගස්තැන්න ග්‍රාම නිලධාරී වසමේ ඉංගිරිය-ඈගල්ඔය මාර්ගයේ ,හල්වතුර හන්දිය ප්‍රදේශයේ මීටර් 50-60 ක ප්‍රදේශයක පස් කන්දක් නායගොස් ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි.
අද (14) සවස මෙම නාය යාම සිදුවී ඇති අතර ජනතාවගේ ජීවිත හා දේපල වලට හානි වීම් වාර්තා වී නොමැති අතර එම ප්‍රදේශයේ පවුල් 16 ක පදිංචි කරුවන් 35 දෙනෙක් පමණ ජීවත් වන බවත් ,ඔවුන්ට හල්වතුර ආයුර්වේද රෝහලේ නවාතැන් සපයා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉංගිරිය - ඈගල්ඔය මාර්ගයේ හල්වතුර ප්‍රදේශය භාවිතා නොකරන ලෙසත්,නාය යාම සිදුවූ ප්‍රදේශයේ නිවාස වල නොරැදී හල්වතුර ආයුර්වේද රෝහලේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසත් කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.

