බුලත්විටට 1500යි


කොටුව ප්‍රසිද්ධ ස්ථානයක බුලත් කෙළ ගැසීයැයි කියන පෞද්ගලික බස් රියදුරකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩ නියම කළේය.

නිකවැරටියේ එස් එම් ගුණසිංහ නම් රියදුරා වරද පිළිගත්තේය.

කොටුව පොලිසිය අධිකරණයට දැන්වූයේ ලෝටස් පාරේ පාදික වේදිකාවේ බුතල් කෙළ ගැසීමෙන් පරිසරය අපවිත වූ බවයි.