බුලත්කොහුපිටිය කැන්දව ගෙවත්තක වැසිකිළි වළක් කපන විටදී විශාල උමගක් මතු වී ඇතැයි ද උමඟ ඇතුලින් කැටයම් කළ කළුගලින් බැඳ ඇති බැම්මක්ද පෙනෙන්නට ඇතැයි ද ගම්වාසීහු කියති.මේ උමගේ අඩි පනහක් ඇතුලට ගමන් කළ හැකි බවද ඔවුහු පවසති.
ගෙවත්තේ හිමිකරු වසන්ත ප්‍රදීප් මහතා පවසනුයේ තමා දින කිහිපයකට පෙර මතු වු උමග නිසා ඊට ඉහළින් ඇති සිය නිවස ද මේ වන විට ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

