බුදුපිළිම කැඩීමේ නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්


 ( නිමන්ති රණසිංහ )
 
මාවනැල්ලේ  බුදු පිළිම කැඩීම සම්බන්ධ නඩුව අද (06) මාවනැල්ල අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී සැකකරුවන්  ලබන 20 වැනිදා  තෙක් රක්ෂිත බන්ධාගාරගත කිරිමට මාවනැල්ල මහෙස්ත්‍රාත්  උපුල් රාජකරුණා මහතා  නියෝග කළේය.
 
 සැකකරුවෝ 13 දෙනකු අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
 
එම 13 දෙනාට අමතරව ත්‍රස්තවාදී නායකයකු ලෙස සැලකෙන  සහරාන් හසීම්ගේ  ප්‍රධාන ගෝලයින් දෙදෙනකු වන  මේ වන විට  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතින  මොහොමඩ්  ඉබ්‍රාහිම්  සාහිඩ්  අබ්දුල් හක්  සහ මොහොමඩ් සාදික් අබ්දුල්ලා  යන සැකකරුවන් දෙදෙනා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුන් දෙදෙනකු ලෙසට නම්  කෙරිණි.
 
 ඔවුන් දෙදෙනා  මීට පෙර ගම්පොල සපත්තු වෙළෙදසලක සැගව සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

උදෑසන මෙම නඩුව වාර්තා කිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදීන්ට  බන්ධනාගාර නිලධාරීන්  අධිකරණ භූමියට ඇතුළු වීමට ඉඩ ලබා දී නොතිබු අතර පසුව  පොලීසිය මැදිහත් වීමෙන් අවස්ථාව සලසා  දී තිබිණි.

 ( ඡායාරූපය - ලහිරු හර්ෂණ )