සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කළේය.
2014 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික නාඔමි මිචෙල් කොල්මන් නමැති කාන්තාව එසේ අත්අඩංගුවට පත්ව තිබිණි. අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගතියට පත් කාන්තාව වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 5ක් සහ ඉතිරි රුපියල් ලක්ෂය ඇය අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 50000 බැගින් ගෙවන ලෙසද නියෝග කළේය.
නඩු ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දෙකක් ද ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට නියම කෙරිණි.

