(උපාලි ආනන්ද)
පුර විද්‍යා වටිනාකමක් අති බව කියන කිලෝ 26 බරැති ඉපැරණි බුද්ධ ප‍්‍රතිමාවක් රුපියල් ලක්ෂ 60 කට අළෙවි කිරීමේ චෝදනාව මත අනුරාධපුර නුවරවැව ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මේ මස 22 දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඞ් කලේ මිහින්තලේ කටුකැලියාව නූර්දීන් අජ්ජුමාලන් කහටගස්දිගිලිය මුකිරියාව සහබ්දීන් ඉර්ෆාන් සහ කයිපිටියාව කාදර් අස්ලම් නමැති තිදෙනෙකි.
සැකකරුවන් සමග පොලිස් බාරයට ගෙන ඇති පුරා විද්‍යා වටිනාකමක් ඇති බව කියන කිලෝ 26 බරැති බුද්ධ ප‍්‍රතිමාව සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වාර්තාවක් කැදවා එම වර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක විජේකෝන් බංඩාර මහතාට තවදුටරත් නියෝග කරනු ලැබීය.

