බුද්ධික පතිරණ රහස් පොලිසියට


පසුගිය වසරවල ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවේදී සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිදුකළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා ඒ මහතා අද (24) කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබිණි.

මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් සිදුකළ ප්‍රකාශයට අදාළ සියලු ලිපිගොනු සකසන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව බවත් තමා ඒවා යුද හමුදාවෙන් රුපියල් 5000ක් වැනි සුළු මුදලකට ලබාගත් බවත්ය.

එය ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමයට බරපතල හානියක් බවද ඔහු කියයි.

Buddhika_20159247 Buddhika_201592427