(මනෝප්‍රිය ගුණසේකර)
දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපති සුනිල් තාබෘෘ මහතා ඔහුගේ නිල නිවසේ දී වෙඩි තබා ඝාතනය කළ කොටි සාමාජිකයකුට කොළඹ මහාධිකරණය අද(1) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
වරදකරුවූ සෙල්වතුරෙයි කිරුබාකරන් හෙවත් මදන් නමැති මුල්ලිවයික්කාල්හි පදිංචිකරුවකුට එසේ සිර දඬුවම් නියම විය. ඊට අමතරව තවත් වසර 5ක සිර දඬුවම් හා රුපියල් 25000ක දඩයක් ද ඔහුට නියම කෙරිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අදාළ නියෝගය දුන් අතර 2003 වසරේදී මෙම ඝාතනය සිදුව තිබිණි.

