බුද්ධි අංශ විශ්‍රාමිකයා පොලිසියට


කොළඹ තරු පහේ හෝටලයකට ගොස් වෙනත් අයකුගේ නමට කා බී ගිය බව කියන පොලිස් බුද්ධි අංශයේ විශ්‍රාමිකයකු අතුරුගිරියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.

මුලින්ම පොලිස් උප සේවයේ කොස්තාපල්වරයකු වී පසුව බුද්ධි අංශ උප පොලිස් පරීක්ෂකයකු ලෙස විශ්‍රාම ගිය ඔහු කොල්ලුපිටියේ තරුපහේ හෝටලයකින් කාබී බ්ලැක් ලේබර විස්කි බෝතලයක් ද රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

හෝටලයේ නතර වී සිටින අයකු සේ රඟපාමින් ඔහු මේ වංචාව කර ඇතැයි හෝටලය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.