බුද්ධාගමට හිමි ස්ථානය එලෙසින්ම ආරක්ෂා කරනවා - ජනපති


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි ස්ථානය එලෙසින්ම ආරක්ෂා කරමින් අනෙකුත් ආගම් සඳහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව මෙන්ම සුරක්ෂිතතාව පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුවම රජයේ වගකීම් ඉටු කිරීමට කැපවී සිටින බව ද ජනපතිවරයා අවධාරණය කරයි.

“ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල  මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ උතුම් පණිවිඩය ලොව පුරා ගෙන යාමේ අරමුණින්.“

“වීරෝදාර රණවිරුවන් රට සහ ජාතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර  මේ රටේ ජනතාවට කිසිදිනක අමතක කළ නොහැකියි. ඔවුන් වෙනුවෙන් දැනට ලබාදෙන වරප‍්‍රසාද තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ඉටුකළ යුතු යුතුකම් ඉටු කිරීමට ඉදිරියේදී ද රජය වගකීමෙන් කටයුතු කරනවා“යැයි ජනපතිවරයා පවසයි.

ජනපතිවරයා මේ බව අවධාරණය කළේ අද (10) බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති රණවිරු නිවාස හා ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි. 

(ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය)