බුද්ධගයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුවෙන්


බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ බව අනාවරණය කළේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඩෙහ්රඩන් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසකි.

පවතින මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් බෝධීන් වහන්සේගේ අතු රිකිලි කිහිපයක සුළු වශයෙන් පිටි මකුණු ආසාදනයක් පවතින බව ද අදාළ පර්යේෂණයෙන් අනාවරණය වී ඇතැයි ද පැවැසෙයි.

ඩෙහ්රඩන් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ගේ අධීක්ෂණය යටතේ ආසාදනය සඳහා මේ වනවිට රසායනික දියරයක් ඉසීම සිදුවන බව ද පැවැසෙයි