අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති කළුතර ධම්මානන්ද (88) නා හිමියෝ අපවත්වූහ.
වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අපවත්වී වදාළ මහා නායක හිමිපාණන්ගේ ශිෂ්‍යයකු වූ ධම්මානන්ද හිමියෝ 1964 වසරේ දී බුද්ධංගල අභය භූමියට වැඩම කර ආරන්‍ය සේනාසනය ඇරැඹූහ.
ශ්‍රී දේහය සඳුදා සවස්වනතුරු බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කෙරෙන අතර අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා අම්පාර දහම් මැතුරේ තැන්පත් කර තැබෙයි.
ආදාහන පූජෝත්සවය 10 වැනි දා, අම්පාර එච් එම් වීරසිංහ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

