අජන්ත කුමාර අගලකඩ
වෙසක් පොහොය දින තොරණ ප්‍රදර්ශනය නතර කිරීමට සහ එදින දන්සල් නතර කිරීම සම්බන්ධයෙන් ගෙන යා යෝජනාවකට අද කැබිනට් මණ්ඩලයේදී ඇමැතිවරුන්ගේ විරෝධය එල්ල විය.
බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එම යෝජනාව ගෙන එමින් කීවේ මෙය නාහිමිවරුන්ගේ ඉල්ලීමක් බවයි. වෙසක් පොහොය දිනයේ පමණක් වෙසක් තොරණ ප්‍රදර්ශනය නොකිරීමට සහ දන්සල් නැවැත්වීමට යෝජනා කළ ඇමැතිවරයා තොරණ ප්‍රදර්ශනය සහ දන්සල් පසු දින සිට පැවැත්විය හැකි බව ද කීවේය.
වෙසක් පොහොය දින දන්සල් පැවැත්වීම සහ තොරණ ප්‍රදර්ශනය කාලයක් තිස්සේ පැවැත ආ නිසා එය නැවැත්විය නොහැකි බව කියමින් ඇමැතිවරු කිහිප දෙනෙක් ඊට විරෝධය දැක්වූහ. කැමැති අයට එය වෙසක් පොහොය දින කළ හැකි බවත්, කැමති අයට එය වෙසක් පොහොයෙන් පසු සිදු කළ හැකි බවත් ඇමැතිවරු කීහ.