බීලා හෝටලේටත් හානි


උණවටුන සංචාරක හෝටලයේදී මත්පැන් බී ආරවුලක පැටලුණු විදේශිකයන් පිරිසකගේ පහරකෑමට ලක්වූ හෝටල් සේවකයෝ තිදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුන් හෝටලයට අලාභහානි කැර ඇත. යුක්රේන හා එංගලන්ත ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මේ පිටරැටියන් සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කිරීමේ යෙදී සිටින අය බව කියත.