බීමතින් රිය පැදවූ 18කට දඩ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පානදුර දකුණ පොලිස් වසමේ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පැය තුනක් තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයන් 18දෙනෙකු අද(09) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.
 
එම පිරිස අතර සිටි පුද්ගලයින් තිදෙනෙකුට රියදුරු බලපත්‍ර නොමැතිවීමෙන් රුපියල් 50,000 බැගින් සහා සෙසු පුද්ගලයන්ට රුපියල් 25,000 බැගින් දඩ නියම කරන ලදී.
 
ඊට අමතරව රියදුරු බලපත්‍රය මාස 6කට අත්හිටුවීමටද, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මෙලෙස දඩ මුදල් නියම වූයේ මහනුවර පදිංචි ටී.වී.එම්. රත්නායක, වලාන පදිංචි එස්.ඒ. රණසිංහ පොහෝද්දරමුල්ල පදිංචි එස්.පුෂ්පකුමාර, අනුරාධපුරයේ පදිංචි ඉසුරු මධුවන්ත, වාද්දුව පදිංචි සුරංග පෙරේරා, පිංවත්ත පදිංචි ඉරේෂ් ලිවේරා, පානදුර පදිංචි ජෙරාඩ් ප්‍රනාන්දු, දිබ්බැද්ද පදිංචි සචින්ත ප්‍රනාන්දු, මහරගම පදිංචි හේමන්ත කුමාර විජේතුංග, මොරටුව පදිංචි ඉන්දික යටවර, වලාන පදිංචි නිරෝෂ පීරිස්, හොරණ පදිංචි යසිරු සූරියආරච්චි, මොරටුව පදිංචි චින්තන ප්‍රනාන්දු සහ මාදුපිටිය පදිංචි ලලිත් කුමාර යන අයවලුන්ටය.
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වූ 2019 අංක 10 දරන මෝටර් වාහන සංශෝධන පනත අනුව මෙම දඩ මුදල් නියම කළ බව පොලිසිය කියයි.
 
 ඊයේ(08) රාත්‍රී 7.00 සිට 10.00 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත්, ඒ සඳහා නිලධාරීන් පස්දෙනෙකු පමණ සහභාගී වූ බවත් පොලිසිය කියයි.